මහදිවුල්වැව සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත
1941 වර්ෂයේදී මහදිවුල්වැව ගම්මානයේ පැරණි ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එස්.එම් ගුනපාල මහතාය. එතුමන් සමග ඒ. සෝමපාල මැතිතුමන් ද සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.
1941 දී සිසුන් පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත.
පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.
ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. පාසලේ දියුනුවත් සමග විශ්වවිද්‍යාල වරම් හිමි කරගැනීමට වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.
1970 දශකයෙන් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී.2010 දී පමන වන විට මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
1980 දශකයේ මුල් බාගයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 8ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලයක් නොතිබුනී. ලමයින් 100 ක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "යහපත් ආකල්ප මතින් පෙරමුනට" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2024 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1941 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
24 |
|
මුල් ගුරුතුමාගේ නම |
එස්.එම් ගුණපාල මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
02 |
|
පාසලේ නම |
අ/මහදිවුල්වැව විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
එස්.එම් ගුණපාල මහතා |
|
පාසල රජයට පවරාගත් වර්ශය |
1941 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහදිවුල්වැව, ඇටවීරගොල්ලෑව,මැදවච්චිය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
යූ.පී දිනපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
පී. කරුණාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1941 |
{QF3=5}